ප්‍රවෘත්ති පටිච්චසමුප්පාදය

මෙකල සුලභව දකින්න තිබෙන පටිච්චසමුප්පාද විග්‍රහ බොහොමයක්ම වාගේ පටිච්චසමුප්පාද වර්ග කීපයක මිශ්‍රණයක්. ඒ නිසා ඒවා ප්‍රයෝගිකව දැකීමට නොහැකි වෙලා තියනවා. බොහෝවිට ඒවා “උත්පත්ති පටිච්චසමුප්පාදය” සහ “ප්‍රවෘත්ති පටිච්චසමුප්පාදය” එකට එකතුවුනු ඒවා. මේ දෙකින් නිවන් අවබෝධය පිණිස දැකිය යුත්තේ පූර්ණව ශ්‍රාවක ගෝචර වූ “ප්‍රවෘත්ති පටිච්චසමුප්පාදයයි”.

මේ තියෙන්නේ ඒ පිලිබඳ ඉතා සරල විග්‍රහයක්. සරල නමුත් එය තමා තුලින් දැකීමෙන් අතිශය ගැඹුරුවූ දහමක් දැකිය හැකියි.

පටිච්චසමුප්පාදය
පටිච්චසමුප්පාදය

පටිච්චසමුප්පාදය දකිනවා කියන්නේ මේ පද වැල මතක තබා ගැනීම හෝ කට පාඩම් කිරීම නෙවෙයි. මෙහි ක්‍රියාකාරීත්ව ප්‍රයෝගිකව එදිනෙදා ජීවිතයේදී දැකීම.

පටිච්චසමුප්පාදය ඉතා සරලව දකිනවා කියන්නේ දුක උදාවෙන හැටිත් එය නිරෝධ කර ගන්න හැටිත් දැක්කා කියන එක.

මේ දේ එදා සත් අවුරුදු දරුවන්ද, ලොකු ඉගෙනීමක් නොතිබුණු සුනීත, සෝපාක ආදී පුද්ගලයින් පවා දැක ගත්තා.

පටිච්චසමුප්පාදය සරලව තේරුම් ගැනීමට මේ චක්‍රයේ පද දෙකක් අනිවාර්යයෙන්ම තේරුම් කර ගන්න ඕනි.

සංකාර

“සංකර” කියන්නේ හිතන, කියන සහ කරන දේ. (Actions)
කයින් කරන ක්‍රියා -> කාය සංකාර
වචනයින් කරන ක්‍රියා -> වචී සංකාර
මනසින් කරන ක්‍රියා -> මනෝ සංකාර
(සත්වයාට, හිතනවා කියනවා කරනවා ඇරෙන්න වෙන මොනවද කරන්න පුළුවන්?)

සංකාර යනු කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ.
සංකාර යනු කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ.

සංකාර යනු කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ.
(ඇත්තටම ගත්තොත් සංකාර සඳහා මුළු ත්රිපිටකය පුරාවටම වෙන අර්ථයක් නැත. නමුත් ඇතැම් ආචාර්ය වාද වල මෙය සංකත හැඳින්වීමටද යොදා ගෙන ඇත. මෙය විශාල වරදකි.)
සංකත යනු සංකාර ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. සරල උදාහරණයක් කිව්වොත්, ගඩොල්, ගඩොල් එකතු කරන සංකාර ක්‍රියාවලියකින් ගෙයක් කියන සංකතය බිහි වෙනවා. ගඩොල් කියන්න සංකත ටික සංකාර කරලා වෙන සංකතයක් හැදුවා. බුදු රජාණන් වහන්සේගේ සංකාර අර්ථ දැක්වීමත් මෙයමයි. “සංකත අභිසංකරණය කරන හෙයින් සංකාර වේ”. සංකත ටිකක් වෙන සංකත ටිකක් කරන්න තමයි ලෝක සත්වයා වෙහෙසෙන්නේ.

සැ.යු.:- “සංස්කාර” කියලා බුද්ධ වචනයක් නැහැ. ඒක සංකාර කියන පදයට දුන්නු සංස්කෘත/වේද පරිවර්තනයක් විතරයි.

ජාති

ජාති කියන්නේ ජාතියක් කියන එක, උපතටත් ජාති කියනවා, නමුත් මෙතන පෙන්වන්නේ “ජාතිය” කියන දේ. උදා. ගුරුවර ජාතිය, පියා ජාතිය, මව ජාතිය, පෙම්වතා ජාතිය ආදී ලෙස. අපි හැමෝම උප්පතිය ලැබුවේ මනුස්ස ජාතිය ලෙස. නමුත්, එදිනෙදා ජීවිතයේ අපි එක එක ජාති බවට පත් වෙනවා නේද? කොහොමද ඒ ජාති පහල උනේ?

ජාති යන්න අර්ථ දෙකකින් යෙදෙනවා. පටිච්චසමුප්පාදය තුල යෙදෙන්නේ මේ දක්වා ඇති අර්ථයෙන්.
ජාති යන්න අර්ථ දෙකකින් යෙදෙනවා. පටිච්චසමුප්පාදය තුල යෙදෙන්නේ මේ දක්වා ඇති අර්ථයෙන්.

ජාති යන්න අර්ථ දෙකකින් යෙදෙනවා. පටිච්චසමුප්පාදය තුල යෙදෙන්නේ මේ දක්වා ඇති අර්ථයෙන්.

දැන් සරල උදාහරණ කීපයක් අරන් බලමු පටිච්චසමුප්පාදයක් දකින හැටි….

උදා.1

සොරෙක් අවබෝධ කර ගන්නවා “සොර කම් කිරීම” නිසා තමයි මම “හොරෙක්” උනේ. අම්මගේ බඩෙන් ඉපදුනේ මනුස්සයෙක් විදිහට. දැන් “හොරෙක්” උපදිලා. ඒ නිසයි මම අද හිරේ දුක් විඳින්නේ. තවද, මම සොරකම් නොකලා නම් සොරෙක් වෙන්නේ නැහැ. එහෙනම් හිරේ අද දුක් විඳින්නේ නැහැ නේ.

සොර ජාතිය හොඳයි යන අවිද්‍යාව => සොර කම් කිරීම => => සොරා => සොරා ලෙස දුක් විඳීම
අවිද්‍යා => සංකාරා ==> ජාති => ජාතියට අදාළ දුක්.

අම්මගේ බඩෙන් හොරු ඉපදෙන්නේ (ජාත වෙන්නේ)නැහැ. හොර කම් කිරීම කියන සංකාර ක්‍රියාවලිය තමයි හොර ජාතිය බිහි කලේ. ඊට පස්සේ තමයි ඊට අදාළ දුක් කඳ උදා උනේ. දුක් උදා වීම දැක්කා. හොරකම් කිරීම හරයක් නැහැ, භයානකයි ඒ නිසා මම ඉන් මිදෙනවා. අන්න දුකෙන් මිදීමක් දැක්කා.

උදා.2.

බේබද්දෙක් දකිනවා මම අද බේබද්දෙක් ලෙස හංවඩු ගැහුනේ බීමත් කම නිසා. බීමට අසා උනාට බේබදු ජාතිය දුක් සහිතයි. බොන්න බැරි දවසට ඉන්න බැහැ, පෙළෙනවා. ඊට පස්සේ බොන්න හොයාගන්න සැහෙන්න දඟලන්න ඕනි. ඊට අවශ්‍ය දේ නිකන් පහල වෙන්නේ නැහැනේ. ඔක්කොම කරලා ගොඩ නගා ගත්තට පස්සේ පොඩි වෙලාවයි ආස්වාදය, ඊට පස්සේ ආදීනව ටික. ටික නෙමෙයි ගොඩ.

මේ විදිහට බීමත් කම කියන සංකාර වැඩ පිළිවෙල නිසා තමයි බේබදු ජාතිය පහල උනේ. ඊට අදාළ දුක් කන්දකට පත් උනේ ඊට පස්සේ. දුකෙන් නිදහස් වෙන්න නම් ඒ සංකාර වලින් මෙදෙන්න ඕනි. අන්න දුකක් උදා වෙන හැටි සහ නිරෝධ කරන ගන්න හැටි දැක්කා.

උදා 3,4,5…..

මේ වගේ ලෝකයේ යම් ජාතියක් පහල උනාද ඒ සියල්ල සංකාර ප්‍රත්යයෙන්මයි. ඒකාන්තයෙන් දුක් කඳක් උදා කරනවා. දුක් නොදෙන ජාතියක් නැහැ.

සබ්බේ සංඛාර දුක්ඛාතී
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විශුද්ධියා

දැන් ඉහත ගාථාවේ තේරුම පැහැදිලි වෙන්න ඕනි.